Saturday, January 13, 2018

Stranger Things (Season 02) - නොපෙනෙන මානය

ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේම මේ පාරත් කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථක බාවය.(පළවෙනි කතාසමය බැලුවෙ නැත්නම් පහළ ලින්ක් ඒකක් දාලා අැති)
“STRANGER THINGS”රේටින් අතින් ඉහලින්ම තිබුණ මේ කතා මාලාවට හුග දෙනෙක් ගොඩක් කැමැත්තක් දැක්වූවා. ගෝල්ඩන් ‍ග්ලෝබි සම්මාන දෙකකට නාම යෝජනා උන, වෙනත් සම්මාන 27ක් ලබා ගත් සහ තවත් සම්මාන 76කට නාම යෝජනා උන සුපිරි කතා මාලාවක් තමයි මේ, ඉතින් කොටස් නමයකින් යුත් මේ කතා මාලාවත් සමග එකතු වෙන්න ආරාධනා කරන ගමන් අපි බලමු මේ කතා මාලාවේ මොකද්ද වෙන්නේ කියලා.
ස්ට්‍රෙන්ජ්ර් තින්ග්ස් දෙවන කතා සමයේ දෙවන කොටසත් එක්කයි ඔයාලා  මේ එකතු වෙන්නෙ. පළවෙනි කතා සමය වගේම මේකත් සුපිරියක් තමයි ඔන්න. විල් හම්බවෙලා කාලෙ ගෙවුනට විල්ගේ හිත ඇතුලෙන් තාමත් අනිත් පැත්තෙ දේවල් පේන්න අරන් තියෙනවා මතකනේ. හොප්ස් හා විල්ගේ අම්මත් එක්ක විල් බෙහෙත් ගන්න ගියා  ගිහින් කියන්නේ එයාට මතක් වෙන සිද්ධි දාමයන් ගැන. ඒ කියන්නේ අනිත් පැත්ත තාමත් ක්‍රියාත්මකයි කියලා. ඔව්න්ස් කියන දොස්තර තමයි දැන් මේ පරීක්ෂන කරගෙන යන්නේ.  අපි බලමු තවත් රාක්ශයෙක්ව සැබෑ ලෝකෙට ගේන්න හදනවාවත්ද කියලා.
 #ArunA
  1. Chapter 01
  2. Chapter 02 
  3. Chapter 03
  4. Chapter 04
  5. Chapter 05
  6. Chapter 06
  7. Chapter 07
  8. Chapter 08
  9. Chapter 09
  10. Season 2 Subtitles      

No comments: