Sunday, January 14, 2018

Wu kong (2017) | දෙවියන්ට විරුද්ධව වානරයාගේ නැගීසිටීම .


 මෙන්න තවත් Fantasy Movie එකක්. මේක චීනයේ නිෂ්පාදිත කතාවක්.ඔයාල හැමෝම සන් වූ කොංග් ව අදුරනව ඇතිනෙ. මෙයාව සන් වුකොංග්, කොංග්, සුන් වුකොංග්, මංකි කිංග්, ගෝකු කියන නම් වලින් වගේම තවත් නම් ගොඩකින් හදුන්වනු ලබනවා. The Forbidden Kingdom (2008), The Monkey King (2014), The Monkey King 2 (2016) කියන ෆිල්ම් බලල තියෙනවනම් ඔයාල සන් වූ කොංග් ගැන අනිවාරෙන් දැනගෙන ඉන්න ඕනෙ. ඉතින් මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ සන් වු කොංග්ව පාදක කරගෙන.
සන් වුකොංග් කියන්නෙ චීනයේ ඉතාමත් ජනප්‍රිය පුරාවෘත්තයක්. Action , Fantasy ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 ජූලි 14 වෙනිද. පැය දෙකයි විනාඩි හයක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 5.6 ක අගයක් ලබා ගෙන තිබෙනව. Chi-Kin Kwok තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට (වුකොංග්ට) පණ පොවන්නෙ Eddie Peng. Cold War II (2016), Cold War (2012), Call of Heroes (2016), Our Time Will Come (2017) කියන ෆිල්ම් වලට වගේම ෆිල්ම් හතලිහකට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මේකෙ වුකොංග්ගෙ කෙල්ල වන අසා විදිහට රගපාන්නෙ Ni Ni, The Warriors Gate (2016) බලපු අයටනම් මෙයාව මතක ඇති. අතීතයෙන් ආපු සූ ලින් කුමාරිකාවට තමයි මෙයා ඒ ෆිලුමෙ රඟපෑවෙ. Suddenly Seventeen (2016), Back in Time (2014) කියන ෆිල්ම් වලටත් තවත් ෆිල්ම් කිහිපයකටත් මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනව.
මේයල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක……

ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. දෙවියන්ට වූ වැරදීමකින් ගල් යෝදයෙක් ඇති වෙනවා . මේ යෝදය තමන්ගෙ ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට පෙළබෙනව. ඒ නිසා දෙවියන් මොහුව අල්ල ගන්න උත්සහ කරනව. ඒත් යෝධය මුළු දිව්‍යලෝකයම විනාෂ කරනව. කොහොමහරි එක දෙවිකෙනෙක් අකුණකින් මේ යෝධයට ගහනව . ඒ අකුණ නිසා යෝධයව කෑලි වෙලා පෘථිවියට වැරෙනව.යෝධයගෙ කෑලිවලින් තමයි හයාගෝ කන්ද හැදුණෙ. යෝධයගෙ හදවතින් තමයි වුකොංග්ට උපත දෙන්නෙ. පස්සෙ දෙවියන් දැන ගන්නව යෝධයගෙ හදවත තාමත් ජීවතුන් අතර කියල. ඉතින් දෙවියන් හයාගෝ කන්ද ඒකෙ හිටපු ජීවීනුත් එක්ක පුච්චල දානව. දහස්ගානක් දෙනා මැරෙණව. වුකොංග්ගෙ යාලුවොත් මැරෙනව. ඒකට කේන්තියෙන් වුකොංග් අතුරුදහන් වෙනව කවද කරි දෙවියන්ගෙන් පළි ගන්නව කියල ඒ කෝපය තමයි වුකොංග්ව මේ වෙනකන් ජීවත් කළේ.





720p Torrent File(850MB)

 Direct 1080p මෙතනින්(1.2GB)

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න.


















No comments: