Friday, February 2, 2018

Now You See Me - ඇස් බැන්දුම

අමෙරිකානු ඩොලර් මිලියන 75ක් වැනි මුදලක් වියදම්කොට නිපදවූ මෙහි බොක්ස් ඔ‍ෆිස් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 233 ඉක්මවා ඇත. ජාත්‍යන්තර සිනමාපට දර්ශකයේ “7.4”ක් වැනි ඉහල අගයක් සටහන් කල මෙහි අධ්‍යක්ෂනය Unleashed(2005), The Incredible Hulk(2008), Transporter 2(2005), Clash of the Titans(2010) වැනි ඉතාමත් ජනප්‍රිය සිනමාපට අධ්‍යක්ෂනය කල “Louis Leterrier” ගෙන් වන අතර රංගනය අප කොයි කවුරුත් නැරඹු The Avengers(2012) හි හල්ක්ගේ චරිතයට පන දුන් “Mark Ruffalo”. “Morgan Freeman”. “Michael Caine”. “Jesse Eisenberg”. Woody Harrelson, Isla Fisher, වැනි හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් ‍රැසක් රංගනයෙන් දායක වන මෙය, මේ වසරේ මැයි මස 13 වන දින අමෙරිකාවේදී ප්‍රදර්ශනය වීම ආරම්භ කෙරුන අතර මෙහි යහපත් තත්වයේ පිටපතක් අන්තර් ජාලයට නිකුත් වූවේ 2013 අගෝස්තුමස 21 දිනයි.

එසේනම් මිනිත්තු 115ක් පුරා නුබේ සිත කුතුහලයෙන් පුරවාලමින් දිවයන මෙම සොදුරු සිනමා සිත්තමේ මුලාවට නුඹත් හසුවී බලන්න. සත්‍ය යටපත් කරමින් මුලාවට රජවිය හැකිද , මුලාවට දුහුල් සේල පට කීතු කීතු කොට ඉරා නිරුවත අතරින් සැබෑම සත්‍ය නුඹ දකිනු ඇත. හොලිවුඩය අතික්‍රමනය කල තවත් එක් විශිෂ්ඨ සිනමාපටයක්, සියල්ල අවසනදී නුබ නුබටම සිනහ වනු ඇත. සුලු හෝ වරදක් වී ඇත්නම් සමාවෙන්න මට! පලවෙනි සිනමාපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙනකොට ඒකෙ දෙවැන්නකුත් නිපදවන්න තීරනය කිරීමෙන්ම මේක කොයි තරම් සාර්තක වෙලා තියනවද කියල හිතාගන්න පුළුවන් ඇතිනෙ ඔයාලට, එහෙමනම් යාලුවනේ ඔබ සැමට වාසනාවන්ත හෙට දිනක්, ජය….!
එහෙමනම් ‍දෙවැනි සිනමාපටය තුලින් හමුවමු
 #ArunA

Torrenet Link 720p (874MB)

Torrent Link 1080p (1.86GB)

Direct Link (874MB)

සිංහල උපසිරැසි ගන්න

No comments: