Friday, February 2, 2018

Now You See Me 2 - මායාකරුවන්ගේ ආගමනය

යම් දෙයක් දැකීම යනු විස්වාසයක්, එය රඳා පවතින්නේ ඔබ ඒ දකින දේ දෙස බලන කෝණය අනුව. නමුත් ඔබ දකින දෙය අසත්‍ය බවට පත්වී ඔබ නොදුටු පැතිකඩ පරම සත්‍ය විය හැකියි. ඔබ මේ වනවිටත් දන්නව කුමන ආකාරයේ මායාවකට ඇද දැමීමටද අර අඳින්නේ කියා… පළමුවර ඔබ රැවටුන බව සැබැයි, නමුත් දෙවන වරටත්…? ඔව් නිසැකවම ඔබ මුලාවට පත්වෙයි, ඔබ දකින දේ විවිධාකාරයෙන් විශ්ලේෂණය කර සිදුවූ දෙය, සිදුවන දෙය, සිදුවිමට නියමිත දෙය නිගමනය කරගනීවි. නමුත් ඔබ මෙවරත් පෙර වරදම සිදුකරයි, සුපුරුදු පරිදිම අසරුවන් සිව්දෙනා විසින් අපුර්ව ආකාරයකට පෙර මෙන්ම අවධානය වෙනතකට යොමු කරවමින් මුලික කරුණ මගහරවමින් මෝහයට ඇද දමාවි, ප්‍රවේසම් වන්න මිත්‍රයා, ලංවෙලා බලන්න ලඟටම ලංවෙලා බලන්න ඔබ දකින දෙය විස්වාස නොකර සිටින්න ඔබට පෙනේවි සතුරා මිතුරා වන අයුරුත් මියගියවුන් නැවත ඉපදෙන අයුරුත්, නමුත් කිසිවක් විස්වාස නොකරන්න, අවසාන ඇසිල්ල වනතෙක්ම ඇසිපිය නොහෙලා බලා හිදින්න වසර තුනකට පසුව ඔබ හමුවේ වේදිකාවට ගොඩවන අසරුවන් සිව්දෙනා දෙස. මිත්‍රයා වගකීමකින් කිවහැකියි, ඔබ කුමන ආකාරයෙන් සිතුවත් අවසනදී ඔබ මුලාවෙන් මුලවටම පත්ව ඇති බව, ඔබට ඔහුව කිසි ලෙසකිනිදු හඳුනාගත නොහේ, සැබවින්ම ඔවුන් ලොව විශිෂ්ඨතම මැජික් ශිල්පින් සිව්දෙනා…. ඇසිපිය නොහෙලා බලා ඉඳින්න…. මෙ තිත්තයාගේ වාරයයි!

ඔබට හොඳින්ම මතක ඇති 2013 වසරේදී අසරුවන් සිව්දෙනාට ලොවක් වසඟවූ අයුරු, , අසරුවන් සිව්දෙනාගේ එක්කාසුවිම පලිගැනීම සහ ධනවත් වැරදි කාරයෙකු හෙළිදරව් කිරීම, විශේෂම දේ.. ඔබව මුලාවට පත්කරලීම.. සිදුකරමින් දිගහැරුණු අපුර්ව සිනමා සිත්තම, එය තිරගතවන කාලයේදීම එහි දෙවැන්න නිකුත් වන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කළා. එතැන් පටන් වසර තුනක් තිස්සේ දෑස්‌ අයා බලා උන්නේ කවදා දෙවැන්න නිකුත් වේදැයි කියා. ඔන්න මෙ වෙනකොට එ වරම අපිට ලැබිල තියනවා සුපුරුදු පරිදිම IMDB 6.8 ක අගයක් ලබාගනිමින් ලොවපුරා ආදායම ඩොලර් මිලියන 312 ක් වාර්තා කරගනිමින්. තෙවැන්නකද බලාපොරොත්තුවක්ද දල්වා තියා තබමින් නව අසරුවෙකු සමගින් මෙවර අප හමුවට එන මෙම සිනමා සිත්තමේ මෙවර විශේෂිතම සිදුවීම් රැසක් අඩංගු වෙනවා. සුපුරුදු පරිදිම විශේෂ ඇස්බැන්දුම් මගින් සිදුවන ක්‍රියාදාමයන් රැසක් අඩංගු වන අතර ගියවර Henley Reeves ට පණ පෙවූ Isla Fisherවෙනුවට මෙවර Lizzy Caplan නව අසරුවෙක් ලෙසින් ඔබ අප හමුවට පැමිණෙනවා. එමෙන්ම සුප්‍රසිද්ධ හැරී පොටර් නළු Daniel Radcliffe මෙවර නව මුහුණුවරකින් අප හමුවට පැමිණෙනවා. ඒ හැර අනෙකුත් චරිත සියල්ලම වගේ ගියවර අප හමුවට පැමිණි චරිත වන අතර, Woody Harrelson ද්විත්ව චරිත නිරුපනයකද නිරත වනවා.
#ArunA

Torrent Link 720p (951MB)

Torrent Link 1080p (1.97GB)

Direct Link (951MB)

සිංහල උපසිරැසි මෙතනින් ගන්න

No comments: