Friday, February 2, 2018

Renegades (2017) - රන් මෙහෙයුම

RENEGADES සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2017 ජනවාරි 20වැනි දින ජර්මනියෙන්.ඩොලර් මිලියන 77.5ක බරපැන දරා නිපදවූ සිනමාපටය ඩොලර් 626,148ක මුදලක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. J.K SIMMONS, SULLIVEN STAPLETON, SYLVIA HOEKS, CHARLIE BEWLEY යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය STEVEN QUALEගේ අතින් සිදුව තිබෙනවා. IMDB දර්ශකයේ 5.4ක අගයක් ලබා ගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

සිනමාපටය ආරම්භයෙදි දක්නට ලැබෙනවා නාසිවරුන් විසින් යුගෝස්ලෝවියාවට අයත් ග්‍රාවෝ ගම්මානය යටත් කරගෙන එහි වැසියන් මරා දමන ආකාරය. එමෙන්ම ඔවුන් කොල්ල කෑ විශාල රත්‍රන් තොගයක් එම ගම්මානයේ තැන්පත් කරමින් සිටියදී වේල්ල පුපුරා ගොස් සමස්ත ගම්මානයම ජලයෙන් යටව සැගව යන ආකාරය.ඉතින් එවකට යුගෝස්ලෝවියාව නමින් හැදින්වූ ප්‍රදේශය තමයි පසු කලකදී බොස්නියාව වෙන්නේ. බොස්නියානු සටන පැවැත්වෙන සමයක තමයි NATO සාම සාධක හමුදාවට අයත් සෙබළුන් පිරිසක් ප්‍රාදේශීය තරුණියක් හා එක්ව ජලයෙන් යටව සැගවී ගොස් කාලයාගේ අවෑමෙන් ලොවට අමතක වී ගිය මේ රත්‍රන් තොගය සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේ මෙහෙයුම කරගෙන යාමේදී ඔවුන්ට විවිධ බාධා එල්ල වෙනවා. විශාලම බාධකයක් වෙන්නේ බොස්නියානු හමුදාව.

එහෙමනම් අපි බලමු මේ රන් සොයා බොස්නියානු වැව් පතුලේ සිදු කරන මෙහෙයුම කිනම් අයුරකින් විසදේවිද කියා.

Torrent Link 720p (850MB)

Direct Link 720p (700MB)

සිංහල උපසිරැසි

No comments: