Monday, January 29, 2018

Thor Ragnarok (2017) | තෝර්ගේ කණ්ඩායම 2017

කවුරුත් ඉතින් තෝර්ව දන්නවානේ. මේක තෝර්ගේ අලුත්ම කතාව.Sub එක හදන්න ටිකක් කල් ගියා...: October 10, 2017
Taika Waititi විසින් අධ්‍යක්ෂණය කර  ඇති මෙයට Rotten Tomatoes 92% ලැබිලා තියෙනවා. ඒවගේම 8.1 හොද IMDb අගයක් ගන්නත් සමත්වෙලා තියෙනවා.Budget: එකට  USD   180 million වියදම් වී ඇති  අතර, Box office: වලින් USD 851.7 million  ලබගෙන ඇත.

කතාව ගැන කෙටියෙන් කියන්නම්.......
කතාවෙ තේමාව වෙන්නෙ තෝර්ගේ ලෝකය ගැන.තෝර්, ලොකි වැනි චරිත මාවල් කොමික් අරගෙන තියෙන්නේ මෙම නෝර්වේයානු දේව ඉතිහාසයෙන්.ඒවගේම චිත්‍රපටය අවසන් ඇවෙන්ජර් චිත්‍රපටය සිදුවීම් සිදුවී වර්ෂ දෙකකට පසු වෙන සිද්දියක් ලෙස තමා පෙන්වන්නේ....ඇස්ගාර්ඩ් දෙව්ලොව කියන තෝර්ගෙ ගෙදර  විනාශ වෙන දේවයුද්දය තමා මේ  චිත්‍රපටයේ වෙන්නෙ.





 චරිත - තෝර්,
              ලොකි ( තෝර්ගේ මල්ලි)
              හෙලා, මරණයේ දෙව්දුව( තෝර්ගේ අක්කා)
              ඔඩින් (ට් තෝට්ගේ පියා)
              හල්ක්, 
              මායා දොස්තර (ඩොක්ටර් ස්ට්‍රේන්ජ්), 
              බ්ලැක් විඩෝ,

ඔයාලා දන්නවනේ තෝර්ගේ ආයුධය..( අකුණු මිටිය) ඒක මේ කතාවෙදි ඔහුට සදහටම නැතිවෙනවා.තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය ලෙස මෙහි හඳුන්වන හෙලා සහ හල්ක් මිට මැදිවෙන ආකාරය ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඒවගේම තෝර් සහ හල්ක් හමුවීම සිදුවෙන ආකාරය සහ මෙම යුද්දයට වටපිටාව සකස්වීම ඉතාමත් පැහැදිලිව පෙළගස්වා තියෙනවා.ඒත් දෙයක් කියන්න ඕනා. මොකද මේක චිත්‍රපටයත් මාවේල් චිත්‍රපට වලට ලඟදි හැදිලා තිබෙන අවාසනාවන්ත රෝගය වන කොමික් කොමිටේල් කිරීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා තියෙනවා කියල මට පුද්ගලිකව හිතෙනවා. මොකද අකුණු වලට අධිපති දෙවියන් මේ චිත්‍රපටයේ කුඩා ටිසර් (විදුලි ස්පන්ධන) මෙවලමක් අධාරයෙන් අඩපන කිරීම සහ සම්පුර්ණ දෙව් ලොවක් තුල පිරිසක් යානාවකට පැටවීම වගේ දේවල් ටිකක් විතර පැටලිලි සහිතයි. කමක් නැ කොමික් නේ. සමහරු තර්ක කරනවා වගේ කොමික් වල මොනවද ඇත්ත කියල කියන මතේ පිහිටා ඉඳිමින් මට කියන්න පුළුවන් මෙම චිත්‍රපටය ගොඩාක් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල.ඉතින් තෝර් චරිතයේත් පැහැදිලි වෙනස්කම් කිහිපයක් මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. එකක් තමා ඔයාල අපි තෝර් චරිතයේ දැක්ක දිගු කොණ්ඩය දක්නට නොලැබීම. එත් ඉතින් මාවෙල් හි අපි ඔක්කොම දන්නා ස්ටේන් ලිම මෙම කොණ්ඩය කපා දැමීමේ දර්ශනයට පෙනී සිටින හින්ද එයාලට හොඳ නම් අපිට හොඳා කියන කියමනට එකඟ වෙන්න වෙනවා. .
ඉතින් ඔන්න ඔයාලට මෙම චිත්‍රපටය  රසවිඳින්න කියනවා .....  #මම ඩිනෝශාන්                      




 Torrent File Download  මෙතනින්

 Direct Download මෙතනින්

  සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

























 

No comments: