Thursday, January 25, 2018

Baywatch - වෙරළේ විරුවෝ



තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. . මේ වනවිට imdb 5.7 අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ අය තමයි, සුපිරි ජනප්‍රිය නළු Dwayne Johnson (මිච් බුකෑනන්), සුපිරි කොමඩි නළුවෙක් වගේම මගේ ප්‍රියතම කොමඩි නළුවෙක් වන Zac Efron (මැට් බ්‍රෝඩි), බොලිවුඩයෙන් හොලිවුඩයට සම්ප්‍රාප්ත වූ අපේ Priyanka Chopra අක්කා (වික්ටෝරියා ලීඩ්ස්), Alexandra Daddario (සමර්) ඇතුළු අනෙක් නළු නිලියන්. මේ නමින්ම විකාශය වූ ටීවී කතාමාලාවක් ඇසුරෙන් තමයි ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් කතාව මෙහෙමයි.
මිච් කියන්නේ වෙරලේ සේවය කරන ජීවිතාරක්ෂක නිලධාරියෙක්. ඔය සිංහලෙන් ලයිෆ්ගාඩ් කියලා කියන්නේ. මෙයාට ඉන්නවා මේ වගේ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මෙයා තමා කණ්ඩායමේ වැඩ බලන්නේ. ඉතින් කවුරුහරි ගිලෙන්න යද්දී නැත්තන් වෙන කරදරයක වැටුනම බේරගන්න එක තමා මෙයාලගේ රාජකාරිය. ඉතින් කතාව ආරම්භවෙන්නේ මෙයාලා වසරකට සැරයක් මෙයාලගේ කණ්ඩායමට අලුතින් සාමාජිකයන් එකතු කරගන්න වාර්ෂික පරීක්ෂණය පවත්වනවත් එක්ක. මේ වෙලාවේ තමා මැට් බ්‍රෝඩි කියන හාදයා වෙරළට එන්නේ. මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිණුම් ක්‍රීඩකයෙක්. හැබැයි තනිකරම පිස්සෙක්. ඒ පිස්සු වැඩක් නිසාම පරිවාස කාලයකට තමා මෙයා වෙරළට ඇවිල්ලා තියෙන්නේ මිච්ගේ කණ්ඩායමට එකතුවෙන්න. හැබැයි මිච් නම් බ්‍රෝඩිව නිකන්ම කණ්ඩායමට බාරගන්නේ නෑ. බ්‍රෝඩිටත් පරීක්ෂණයට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මේ දේවල් අතරේදී වෙරල ආසන්නයේ සිද්ධවෙන නීතිවිරෝධී දෙයක් ගැනත් මිච්ට ඉව වැටෙනවා. මේ හැමදෙයක්ම එක්ක ලොකු කතාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ නිසා විස්තර කරන්න අමාරුයි. කොහොමත් මගේ පැහැදිලි කිරීමත් අවුල් වගේ.:-(. බොහොම පොඩි දෙයක් විතරයි කිව්වේ. මොකද වැඩියෙන් කිව්වොත් රහකුත් නැතිවෙයිනේ. මේ හැමදෙයක්ම කොමඩියෙන් තමා සිද්ධවෙන්නේ ඉතින්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. කොමඩි ඇක්ෂන් වලට කැමති අයට කියාපු ෆිලුම. එහෙනම් හැමෝම බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්!
#ArunA




No comments: