Lego කිව්වාම පිටරට වලනම් ගොඩක් ජනප්‍රියයි.මොකද lego කියන්නේ සෙල්ලම්බඩු වර්ගයක්.building box වගේ.ලංකාවේ නම් ගොඩක් අය දන්නෙ නෑ මෙ ගැන.ඉතින් මේ කතව 2017 නිකුත් කරාට මීට කලිනුත් lego
animated movies බලලා ඇතිනෙ ගොඩක් අය. මේ චිත්‍රපටය එක්සත් ජනපදයේ සහ ඩෙන්මාර්කයෙහි ජාත්යන්තර සම නිෂ්පාදනයක් වේ. ත්‍රිමාණ පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන මෙය චාලි බීන්, පෝල් ෆිෂර් සහ බොබ් ලෝගන් යන අය විසින් අධයක්ෂණය කර ඇති අතර ලෝගන්, ෆීෂර්, විලියම් විලර්, ටොම් වයිලර්, ජරෙඩ් ස්ටර්න් සහ ජෝන් වයිට්ටන් විසින් ලියා ඇත.
කතාව පටන් ගන්නේ කුඩා පිරිමි ළමයෙකුගෙන් ඔහු පැරණි සාප්පු සාප්පුවක් තුළට පිවිසෙයි. එහිදී ඔහු තම අතේ ඇති ලොයිඩ් ගැන සාප්පුවේ හිමිකරුට පවසනවා.පසුව හිමිකරු නින්ජාගෝ වල පුරාවෘතය පැවසීමට පටන් ගනී.
ලොයිඩ්ගේ අම්මා කොකො වන අතර ඔහුගේ සතුරා වන ගාර්මඩොන්, තම පියාය.හරිත නින්ජා ලොයිඩ් වන බව ඔහුගේ යාලුවන් වන - නියා, සේන්, ජේ, කෝල් සහ කායි හැර වෙනත් කිසිවෙකු නොදනී. ඉතින් මෙයාලා නින්ජා මාස්ටර්ලා වෙන්න පුරුදු වෙන්නේ, වූ මාස්ටර්ගෙන්.මාස්ටර්-වූ යනු ගාර්මඩොන්ගේ සහෝදරයා වේ.නින්ජාගෝ කියන්නේ මේ Lego ජනතාව ජීවත්වන නගරයයි.නින්ජාගෝ නගරයට එන නපුරු තර්ජන,පහරදීම් වලින් මේ නින්ජලා නගරය බේරගන්නවා.ඉතින් ලොයිඩ්ගේ පියා ගාර්මඩොන් විවිධ ක්‍රම වලින් නින්ජගෝව යටත් කරගන්න උත්සහ කරනවා.මම ඉතින් මේට වඩා කතාව කියන්න යන්නෙ නෑ.මොකඩ එතකොට වඩක් නෑනේ නේද.හරි එහෙනම් කට්ටිය මෙතනින් download
කරලම කතව බලන්නකො...

No comments:
Post a Comment