Monday, December 18, 2017

The Forbidden Kingdom 2008 (තහනම් රාජධාණිය)

ටිකක් පරණ film එකක් උනත්  මේක නම් මං ආසාවෙන් බලපු film එකක්. පළවෙනි සතියෙම ඇමෙරිකානු ඩොලර් මිලියන් 12 ක් හොයලා තියෙන film එකක්.හැබැයි ෆිල්ම් එක හදන්න ගිහින් තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලියන් 55ක මුදලක්.   Fantasi film එකක් නිසා බලපු කෙනෙක්ට ආපහු බලන්න ආස හිතෙනවා.ෆිල්ම් එක ගැන කිව්වොත් මේක  නිකුත්වෙලා තියෙන්නෙ  2008 වර්ෂයේ දී. IMDB දර්ශකය 6.6/10ක් අරගන්න සමත්වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 44ක කාලයක සුපිරිම සටන් කලාවක් තමයි තියෙන්නෙ.
 Rob Minkoff  නම් අධ්‍යක්‍ෂකවරයා තමයි අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ.

film එක ගැන කියන්නත් එපැයි....
කුංෆු ෆිල්ම් බලන පිස්සු කොල්ලෙක් ඉන්නවා.ඔහුගේ නම  Jason Tripitikas (Michael Angarano) ..  ඉතින් මොහුට අහම්බෙන් වගේ යගදාවක් හම්බෙනවා. ඔහුට මේක හම්බුන ගමන් ඔහු අතීතයට යනවා එය නැවත හිමිකරුට බාර දීමට. මේහිදී ඔහුට Lu Yan (Jackie Chan)  නම්  බේබද්දේක් වගේ කුංෆු සටන් ශිල්පියෙක් හමුවෙනවා. ඒ ගමනේදි තවත් පූජකයෙක් The Silent Monk (Jet Li) හා තරුණ ගැහැණු ළමයෙක් Golden Sparrow (Yifei Liu) මොහුට උදව් වෙනවා මේ යගදාව නැවතත් මෙහි අයිතිකරුවන වානර රජු (Jet Li) බාරදෙන්න. නමුත් ඇමෙරිකාවේ ටවුමක ඔහේ ජීවත් වුන මේ කොලු ගැටයට තමා හිනෙන්වත් නොදන්න චීනේ පළාතකට ගිහින් කිසිම සටන් කලාවක් නොදැන චීන හමුදාවෙන් බේරි ඔහුගේ රාජකාරිය ඉටුකරගන්න ඔහුට  පුලුවන්වෙයිද? අවසානය කෙසේ වෙයිද කියලා ෆිල්ම් එක අරගෙනම   බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාන්න්නත් අමතක කරන්න එපා....ඊළග film එකෙන් හම්බෙමු. මම උදෙශ්..











No comments: