මේ අවුරුද්දෙත් හොල්මන් චිත්‍රපට වලින් නම් අඩුවක් වුණේ නැහැ. ඉතිනේ මේ අරගෙන එන්න හදන්නෙත් ඒ වගේ තවත් ගුණාත්මක මට්ටමක තියෙන, horror
කැටගරිය මුල් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටයක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ
ඔයාලා බලාගන්න ලැස්ති වෙලා ඉන්න සාමාන්‍ය කතාවක් නම් මේකෙන් බලාගන්න
වෙන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනවනම් දැම්මම අදහස අත්හැරගන්න. මොකද එහෙම
දෙයක් වෙන්නේ නැහැ. අනික් කාරණේ තමයි මේකේ පිටපතක් නිකුත් වුණේ ගියේ සතියේ.
ඒත් ඉතින් සතියක් කාලයක් විතර ගත වුණා මේ ටිකේ ඉවරයක් නැතිව වහින වැස්ස
නිසායි, කරමින් හිටිය උපසිරැසි ටික ඉවරයක් කරලා ඒවා මුලින් ලබාදෙන්න ඕන වුන
නිසා.
මමම අරගෙන ආව The Exorcist
ටෙලිකාතාමාලව මතක ඇති. හරි හරි දැන් ඉතින් මේකේ දෙවැනි කතාසමය විකාශය
වෙනවා කියලා ඒක ඉල්ලන්න නම් එපා මොකද ඇදගෙන කතා දෙකත් හරිම අමාරුවෙන් කරන්න
ඕන නිසා කරගෙන යනවා මිසක් හිතේ ලොකු ආසාවකින් කරගෙන යනවා නෙවෙයි. මතකයි
නේද ඒකෙ ඩීමන්ලා මිනිසුන්ව ධාරකයෝ කරගන්න හැටි? විශේෂයෙන්ම වයසින් අඩු ගෑනු
ළමයින්ව? අන්න ඒ කතාවලට සමාන විදිහේ කතාවක් මේකේ ගලාගෙන යන්නේ. ඒ කියන්නේ
ඩීමන්ලගේ ආවේශ වීම් වගේම යාතුකර්ම සිද්ද කිරීම් සම්බන්ධවයි.
චිත්‍රපටය
තුල අනතර්ගත වෙන දේ ගැන කියනවනම්, ඇඩේලීනා කියලා දේවස්ථානයක සහෝදරියක් මිය
යනවා යාතුකර්මයක් අතරතුරේදී. ඇයගේ මිය යාමත් එක්ක මේ යාතුකර්මය කරපු
ඩුමිතෘ පියතුමන් වගේම එයාට සහය දක්වපු මෙහෙණින්ලා හතරදෙනෙක්ව සිරගත කරනවා.
ඉතින් මේ සිද්දිය ගැන හොයන්න පුවත්පත් ලේඛිකාවක් ඉදිරිපත් වෙනවා. නිකෝල්
රොව්ලින්ස් කියලා. නිකෝල් ගැන සරලවම කියනවනම් එයා දෙවියන් වහන්සේව කොහෙත්ම
විශ්වාස කරන්නේ නැහැ. යටගිය සිද්දීන් කිහිපයක් නිසාවෙන්. ඒ නිසාම එයා මුලදී
විශ්වාස කරන්නෙම ඩුමිතෘ පියතුමන් කියන්නේ පිස්සෙක් කියලා. හැබැයි නිකෝල්ට
ඩුමිතෘ පියතුමන් එක්ක හිරේදී කතාකරන්න ලැබුණු අවස්ථාවේදී එයා කියන්නේ
ගෝ(ර්)මික් කියන බිෂොප් මේ යාතුකර්මය අතරතුර ඇවිත් බාධා කරපු නිසා තමයි
ඇඩේලීනා සහෝදරිය මිය ගියේ කියලා. නිකෝල් මේ ගැන හොයාගෙන තවත් ගැඹුරටම යනවා.
එහෙදි තමයි දොස්තරලාගෙන් පටන් ගත්තම වෙනින් මෙහෙණින්ලා, ඇන්ටන් කියලා
පියතුමෙක් වගේම ගෝ(ර්)මික් කියන බිෂොප්ගෙන් මේ හැමොගෙන්ම එකිනෙකට වෙනස්
විස්තර තමයි දැනගන්න ලැබෙන්නේ. නිකෝල් මේ දේවල් ගැන ගැඹුරටම අධ්‍යනය කරන්න
යත්ම එයත් මේ අදුරු බලවේගවල කොටස්කාරියක් බවට පත්වෙනවා ඇයට නොදැනීම.
දෙවියන් වහන්සේ ගැන පොඩි විශ්වාසයක්වත් නොතිබුණු නිකෝල්ට මේ දේවල් වලට
මුහුණ දෙන්න සැහෙන්න අමාරු වෙනවා. ඒ නිසාම එයා මේක අතහැරලා දාලා යන්නත්
හදනවා. එතකොට අන්තිමේදී තමයි දැනගන්නේ මේ හැමදේම පටන් ගත්තේ ටනෑකුවල
ගොවිපලක් කරගෙන යන අමනාර් කියන පවුලට ගේබ්‍රියල් නම් පියතුමෙක් කල
යාතුකර්මයදී කියලා. ඉතින් දෙවියන් වහන්සේ ගැනවත් විශ්වාස නැති නිකෝල්ට
මුහුණදෙන්න වෙන කරදර වලට කොහොමද මුහුණ දෙන්නේ වගේම අන්තිමට හැම ඇත්තක්ම
හොයාගන්නේ කොහොමද කියලා පැයකුත් විනාඩි 29 කුත් පුරාවටම කිසිම කම්මැලි කමක්
නැතුව බලා ඉන්න පුලුවන් කමක් ලැබෙනවා. මොකද මේකේ හැම පැටලුමක්ම ලෙහෙන්නේ
අවසාන හරියට ලං වෙද්දී. මේකේ සදහන් වෙන ඇතැම් වචන තියෙනවා සමහර තැන්වල
සිංහලෙන් කියන්න බැරි, ඒත් ඒ වචනම ඉංග්‍රීසියෙන් නොකියා සිංහලෙන් කියන්න
වෙන. ඒකට හොදම උදාහරණය තමයි ඩීමන් කියන්නේ. මොකද හැම තැනම යක්ෂයා කියලා
කියන එක එච්චර සුදුසු නැහැ. එහෙම කලේ බලන කෙනාට රසයක් එන්න මිසක් වෙන
අරමුණකින් නම් නෙවෙයි.
මේ චිත්‍රපටය ඔයාලා සැහෙන්න දෙනෙක් ආසාවෙන් බලපු Hitman (2007), The Divide (2011) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Xavier Gens තමයි මේ චිත්‍රපටයේ අධ්යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. එතකොට හොරර් කැටගරිය කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන The Conjuring (2013), The Conjuring (2016) හා San Andreas (2015) වගේ සුපිරි නිර්මාණය කිරීමට දායක වූ Chad Hayes වගේම Carey W. Hayes නම් ඇමරිකානු තිරපිටපත් රචකයෝ දෙන්නා තමයි අද ගෙනාපු චිත්‍රපටයේ පවා තිරපිටපත් පවා ලියලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන අය ගත්තොත් Kingsman: The Secret Service (2014) චිත්‍රපටය වගේම මෑතකදී තිරගත වීම ආරම්භ කල Kingsman: The Golden Circle (2017) යන චිත්‍රපට ද්ව්ත්වයෙහි අප අතරට ආව “රොක්සිව” මතක ඇති කියලා විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි The Huntsman: Winter’s War (2016) චිත්‍රපටයේ පවා රංගනයෙන් දායක වූ Sophie Cookson ව මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “නිකෝල් රොවිල්න්ස් ‘ගේ චරිතයෙක් දකගෙන්න ලැබෙනවා. මිට අමතරව Corneliu Ulici, Brittany Ashworth, Matthew Zajac මේ අයවත් දැකගන්න ලැබෙනවා. IMDb දර්ශකයේ මේ වෙද්දී 5/10 ක් වැනි මාධ්‍ය අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් පැයකුත් විනාඩි තිහක් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Horror, Mystery, Thriller
කියන කැටගරි වලට අයත් වීමක් වෙනවා. ඉතින් හොරර් චිත්‍රපටි රසිකයෙක් නම්
මේක අරගෙන බැලුවට පාඩුවක් වෙන්නේ නැහැ කියලා හිතේවි මුලින් පුර්ව ප්රචාරක
පටයත් නරඹලා හිටියා නම්.
720P 727MB BRRIP Torrent File
1080P 1.7GB BRRIP Torrent File
Direct download මෙතනින්
සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න
720P 727MB BRRIP Torrent File
1080P 1.7GB BRRIP Torrent File
Direct download මෙතනින්
සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න
No comments:
Post a Comment