Friday, December 22, 2017

The Foreigner (පියෙකුගේ ආදරය සහ පලිගැනීම)




Martin Campbell විසින් අධ්‍යක්ෂණය කරන මෙය 1992 දී Stephen Leather විසින් රචනා කරන ලද The Chinaman නම් නවකතාව අසුරින් නිර්මාණය කර අැත. මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 7.2ක් ලබා දී ඇත. මෙම චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් මිලියන 139ක ආදායමක් මේ වන විට ලබා ඇත.

කූඈන්ට සිටින්නේ තමන්ග‍ේ දියණිය පමණයි. මොහු චීන ජාතිකය‍ෙක්. මොහු චීනය‍ේ සිට එංගලන්තයට සංක්‍රමණය කරද්දි මුහුදු කෙල්ලකරුවන්ට අසුවී කූඈන්ගේ පළමු දරුවන් දෙදෙනා මිය යනවා. එංගලන්තය‍ේදිි කූඈන්ග‍ේ බිරිද  තෙවන දරුවා බිහි කිරීමේදි මිය යනවා. එංගලන්තය‍ේ බැංකුවක් අසල බෝම්බ පිපිරීමකදි කූඈන්ග‍ේ තෙවන දරුවාත් මිය යනවා. එංගලන්ත රජය බෝම්බ කරුවන් අල්ලා ගැනීමට පරක්කු වන නිසා කූඈන්ම ඒ සදහා සුදානම් වෙනවා. කූඈන් යනු කව්රුන්ද? කූඈන්ට බෝම්බ කරුවන් අල්ලා ගැනීමට හැකිව්දෙ? 





No comments: