Dimitri Logothetis විසින් රචනා කරන ලද මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද ඔහු විසින්ම
ය. මෙය ඇමරිකානු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර මෙය 2016 තිරගත වූ Kickboxer: Vengeance චිත්‍රපටය ඉදිරියට ගෙන යාමකි.
කර්ට්(Alain Moussi), මාස්ටර් ඩුරන්ඩ් (Van Damme) මෙම කථාවේ ද රංගනයට දායක වේ. මීට අමතරව සුපිරි ඇමරිකානු බොක්සිං ක්‍රීඩක Mike Tyson ද රංගනයට දායක වේ.
කර්ට් නැවත නොපැණිනෙන බවට පොරොන්දූ වී තායිලන්තය හැරගොස් දැනට මාස 12ක් ගත
වෙලා. ඔහු දැන් MMA සටන් කරනවා. නමුත් බලෙන්
පැහැරගෙන තායිලන්තයට ගෙන යන කර්ට් ට තායිලන්ත නව ශූරයා වන මොන්ග්කුට් සමග එක්
කෙකෙක් මැරෙනකන් සටන් කිරීමට සිදු වෙනවා. නැත්නම් මුලු ජීවිත කාලයම හිරේ ඉන්න
වෙනවා. සටනට වෙලාව එනකන් කර්ට් හිරේට දානවා. ඒ සදහා කර්ට් ට ඔහුගේ ජීවිත කාලය තුල මුහුණ දෙන
හොදම පුහුනුවීම් කරනවා. මාස්ටර් ඩුරන්ඩ් හිරේ ඉන්න සටන් කරුවන් පුහුනු කරනවා.
ඔහු ටංග් පෝ මරන්න උදව් කරපු නිසා ඔහුගේ ඇස් අන්ධ කරලා. කර්ට් මොන්ග්කුට් සමග සටන දිනයි ද???
No comments:
Post a Comment