අපි කථාව
පැත්තට ගිහිල්ලා බලමු. මේකේ කථා නයිකාව වෙන්නෙ කාන්තාවක් ඇය
ෆෙඩරල් නියෝජිතවරියක්. ඇය මෙහෙයුමක යෙදි සිටියදි නියෝග වලට අනුව කටයුතු
නොකිරිම නිසා ඇයගේ වැඩ තහනමකට ලක් වෙනවා. ඒ සිදුවිමත් එක්ක හිත පොඩ්ඩක්
හදාගන්නත් එක්ක පොඩි නිවාඩුවකට යන්න හිතාගෙන තමයි 709 ස්පිඩ්බර්ඩ් ගුවන්
සේවයේ ගුවන් යානයට ගොඩවෙන්නෙ එහිදි ඇයගේ අසුනේ වෙන මගියෙක් අසුන්ගෙන සිටිම
නිසා පොඩි අවුලකුත් ඇතිවෙනවා,ඒ නිසා. ගුවන් සේවකාවක් ඇයට ව්‍යාපාර පන්තියේ
ආසනයක් ලබා දෙනවා.
ඒ
සිදුවීමත් එක්ක තමයි මේ සියලුම සිදුවීම් ආරම්භ වෙන්නෙ. එහිදි ඇයට ටේරි
කියලා කඩවසම් කොලුගැටයෙක් හමුවෙනවා. ඔහු ඇයත් එක්ක හොද මිතුදමක් ගොඩ නගා
ගන්නව කතාවෙන් කතාව. ඔහු ඇයට කියනවා ඔවුන් ගමන් ගන්නා ගුවන් යානය තව වැඩි
වේලාවක් ගත වෙන්නට කලියෙන් පැහැරගැනිමට ලක්වෙනවා.ඔවුන් ඒක කරන්නෙ. ඔහුව
කොටු කරගන්න කියලා .. ඔහු ගේ ජීවතය බේරගන්නවට මිලියන 50 කුත් දෙන්න
පොරොන්දු වෙනවා .. ඒ කතාබහත් සමඟ ඇයට හොදටෝම තද වෙනවා. ඇය හිතන්නෙ ටේරි ඇයව
විහිලුවකට අරගෙන කියලා. ඇය එතනින් යන්න යනවා.ඇය නැවතත් පැමිනියාම ටේරි
ඔහුගේ අසුනේ නැහැ.ඊට පස්සෙ ඇය ටේරිව සොයන්න යනවා. එහිදි ඇයට මල සිරුරු
කිහිපයක්ම හමුවෙනවා. ඒකත් එක්ක හැමදේම කණපිට හැරෙනවා.මීට වඩා මම මේ
බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේක බලලා දැනගන්නකෝ මොකක්ද
සිද්ධ වෙන්නෙ කියලා.

No comments:
Post a Comment