Thursday, December 21, 2017

Spider-Man:HomeComig (2017) සිවිල් යුද්ධයකට පසු...

මේ Spider-Man එහෙමත් නැත්තම් මකුළු මිනිසා ගැන ඔයාලා දැනටමත් දන්නවා කියලා මම හිතනවා..මොකද කිව්වොත් මිට කලිනුත් ස්පයිඩර් මෑන් චිත්‍රපට ඇවිල්ලා තියෙන හින්දා..ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ ආරම්භයට ගියොත් එහෙම  Sam Raimi විසින් පළමු චිත්‍රපටය  Spider-Man(2002)  අධ්‍යයක්ෂණය කරලා තියෙනවා.එයින් ලැබූ සාර්ථකවය නිසා මෙය චිත්‍රපට ත්‍රිත්වයක් දක්වා ගිහින් තියෙනවා, Spider-Man 2 (2004) හා Spider-Man 3 (2007) ලෙසින්.මේ චිත්‍රපට තුනේම ස්පයිඩර් මෑන්ට රංගනයෙන් දායක වුනේ Tobey Maquire විසින්.පසු කාලෙදී  Marc Webb ගේ අධ්‍යක්ෂණයෙන් හා Andrew Garfield රංගනයේ දායක වුනු චිත්‍රපට නිර්මාණ දෙකක් නිර්මාණය වුණා.ඒ  The Amazing Spider-Man (2012) හා The Amazing Spider-Man 2 (2014) චිත්‍රපටය.ඉන් පසුව 2015 මුල් කාලයේදී  Marvel ආයතනය විසින් මේ චරිතයේ අයිතිය පවරා ගන්නවා.....

ඊට පස්සේ තමා මේ චිත්‍රපයට  ඒ කියන්නේ Spider-Man :HomeComing නිර්මාණය වෙන්නේ.මේකෙදි වෙන්නේ කියලා කෙටියෙන් කිව්වොත් තරුණ පීටර් සිවිල් යුද්ධයකින් පස්සේ තම ගෙදර ඇවිත් ටෝනි ස්ටාක් සමග එකතු වී පුහුණුව ලබලා තම නගරයේ තියෙන ගැටළු හා සුළු සුළු මංකොල්ල එහෙම නතර කරන අතර ලොකි ඇති කළ යුද්ධයෙන් ඉතුරු වූ තාක්ෂණික ආයුද එකතු කරලා බලවත් අයුධ හදා මංකොල්ල කමින් සිටින පිරිසකට විරුද්ධව ඔහුගේ හැකියාව උපයෝගී කරගෙන සටන් කර ඔවුන්ව නතර කරලා මොහුත් ඒ කියන්නේ (ස්පයිඩර් මෑන්) ඇවේන්ජරස් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා....

ඉතින් මේක අරන්ම බලන්නකෝ සිංහල උපසිරසත් තියෙනවා මේකට ඔයාල කැමති වෙයි කියලා හිතනවා මං ගිහින් එන්නම්.......(Tharanga Adikari)





No comments: