බ්‍රිතාන්‍ය
හමුදා ඉතිහාසයේ මහා කළු පැල්ලමක් ලෙස සනිටුහන් වෙන ඩන්කර්ක් ඛේදවාචකය
යම්තාක් දුරට හෝ ආලෝකමත් කල මේ සිවිල් වීරයන් ගැන තමයි මේ කතාව.
මේ කතාව අපි වෙන අරගෙන එන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි Christopher Nolan උත්තමය. ඒ තරම්ම දක්ෂයෙක් නෙමෙයි කොටින්ම කියනවා නම් මෙතෙක් නිර්මාණය කරපු චිත්‍රපට 10 න් 8 ක්ම IMDB හොඳම 250 ඇතුළට දාගෙන තියෙනවා …. එහෙමත් කිව්වට මතක නැති නම් මෙයා තමයි කලින් Interstellar (2014), Inception (2010), The Prestige (2006) වගේම වැඩි ප්‍රසිද්ධියක් නැති වුණත් The Dark Knight Trilogy (2005/2008/2012)
සිනමා පට ත්‍රිත්වයත් නිර්මාණය කළේ. සාමාන්‍ය චිත්‍රපටයක කතා රාමුවෙන්
බැහැරට ගිහින් යුද්ධයක එක අවස්ථාවක් පැතිකඩ තුනකින් මේ සලරුව ඇතුළේ ඔබට
දැකගැනීමට හැකි වේවි. ඔබ පාබල හමුදාවේ සෙබළෙක් අඳුනා ගෙන වැඩි කලක් යන්න
කලින් ඔබට නැවියෙක් ගේ ඇසින් කතාව ඉදිරියට යනවා දැකගත හැකි වේවි. නමුත්
එතනින් නතර වෙන්නේ නැහැ නෝලන් මහත්තය ගුවන් නියමුවෙක් හැටියටත් ඔබට
සිදුවීම් දැකගන්නට හැකි වේවි කතාව ගලාගෙන යනකොට. හරියටම කියනවා නම් කාලෙකට
කලින් අපි අරගෙන ආව The Pacific කෙටි කතා මාලාව වගේ පැති කඩ තුනකින් එකම කතාවක්.
ඒ
වගේම විශේෂයෙන් කියන්න ඕනා මේක රේඛීය ලෙස ගලා නොයන කතාවක්. ගොඩබිමේ සිදුවන
සිදුවීම් අවසාන සිදුවීමට සතියකට කලින් ඉඳන් වෙන දේවල්. එතකොට මුහුදේ
සිදුවන සිදුවීම් අවසාන අවස්ථාවට දිනකට පෙර ඉඳන් ගලා එන සිදුවීම්. එතකොට
ගුවනේ සිදුවන සිදුවීම් අවසන් සිදුවීමේ අවසන් පැයේ වෙන සිදූවීමුයි. හැබැයි
චිත්‍රපටයේ ආරම්භයේ ඉඳන්ම ගුවනේ සටන් පෙන්වන්න ගන්නවා. ඒ වගේම ගුවන්
නැවියාගේ ඇසින් දකින සිදුවීම පස්සෙ තැනක මුහුදේ ගමන් කරන කෙනාගෙ ඇසින් ආපහු
දකින්න ලැබේවී.
මේ
වෙනකොට ලොව පුරා ඩොලර් මිලියන 520 වගේ මුදලක් උපයාගෙන මේ වසරේ වැඩිම
ආදායමක් උපයුවන්ගේ ලේඛනයේ 13 වැනි තැනත්, ඇමරිකාව තුළ වැඩිම ආදායම්
උපයුවන්ගේ ලේඛනයේ 9 වැනි තැනත් හිමිකරගන්නා මේ සලරුව සමත් වෙන්නේ IMDB
මීටරයේ 8.4ක් වගේ ඉහළ අගයක් ලබාගනිමින්. කලින් වගේම මෙවරත් නොලන් උත්තමයා
IMDB හොඳම 250 ඇතුළේ 88 වැනි තැනට තමුන්ගේ කතාව ගේන්නට තරම් දක්ෂයෙක් වෙලා
තියනවා. රෝටන් ටෝමාටෝ විචාරක පැසසුමත් 92% වගේ පොඩි අගයක් කරා ඇවිත්
තියනවා.
තිරයේ දකින මුහුණ ගැන කතා කරනවා නම් ඔස්කා සම්මාන ලාභී රංගන ශිල්පින් වන Mark Rylance වගේම බොහොම දැක පුරුදු හොලිවුඩ් මුහුණ වන Tom Hardy, Cillian Murphy, Kenneth Branagh වගේම Harry Styles
කියල කෙනෙකුත් ඉන්නවා කියල තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මිනිත්තු 106 ක්
පුරා දිවයන මේ ක්‍රියාදාම, යුදමය වෘත්තාන්තය ඔබට බාරයි රස විදින්නට.
#ArunA
No comments:
Post a Comment