ඔන්න
එහෙනම් මන් තවත් ෆිල්ම් එකක් ගෙනාවා අද.මේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත්
වෙලා තියෙන්නේ 27 October 2017 යන දවසේ.මේක අධ්‍යක්ෂණය කරලා
තියෙන්නේ Isaac Florentine.ඒ
වගේම මොහු මෙවන් ගොඩක් සටන් ජවනිකා තියෙනව චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙනවා.මේකේ
තිර පිටපත ලියලා තියෙන්නේ Matt Venne විසින් ඒ වගේම
Cristina Serafini, Karl Urban, Antonio Banderas යන අය විශේෂයෙන් මෙයට රංගනයෙන් දායක
වෙලා තියෙනවා.ඒ වගේම ඉහළ හොද වාර්තා හම්බුවෙලා තියෙනවා...
එහෙනම්
වැඩි කතා නැතුව මන් මේ චිත්‍රපටය ගැන ( Acts Of Vengeance ) පොඩි
හැදින්වීමක් කරන්නම්කො....ෆ්‍රෑන්ක්ට තමන්ට ඕනේ හැමදෙයක්ම තියෙනවා ඒ වගේම හොද
බිරිදක් වගේම පුංචි කෙලි පොඩික්කියකුත් හිටිය කෙනෙක් එක දවසක් මේ දුවගේ ඉස්කෝලේ
තියෙන ප්‍රසංගයට යන්න බැරි වෙනවා කාර්යාලයේ වැඩ තියෙන නිසා.කොහොම හරි ඒ වැඩ ඉවර
වෙලා ඒ ප්‍රසංගයට යනකොට ඒක ඉවර වෙලා කට්ටිය ගෙදර යනවා..ෆ්‍රෑන්ක්ගේ බිරිදයි,දුවයි
එතන හිටියේ නැති හින්ද එයාල යන්න ඇති කියලා හිතලා ගෙදර යනවා .ගෙදර ගියාට පස්සේ
දැනගන්නවා එයාලා ගෙදර ඇවිල්ලත් නැහැ
කියලා.එතකොටම පොලිසයෙන් ඇවිල්ලා කියනවා එයාල පැහැරගෙන ගිහිල්ල මරලා දාලා
තියෙනවා....ඊට පස්සේ තමා මුල ඉදලා එක එක ප්‍රශ්න මැද්දේ ඒ මැරයව හොයාගන්න එක තමා
මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ....
මේක
හොද සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් හින්දා ඔයාලට මේක කම්මැලි නැතුව බලන්න
පුළුවන්.එහෙනම් මන් මෙතැනින් නවතිනවා ඔයාල සිංහල උපසිරස එක්ක ෆිල්ම් එක අරන්ම
බලන්නකෝ..තවත් චිත්‍රපටයකින් හෝ රුපවාහිනී කතාමාලාවකින් හම්බුවෙමු..........(
Tharanga Adikari )

No comments:
Post a Comment