
Horror, Thriller කාණ්ඩ යටතේ මේ සටහන ලියවෙන මොහොත වන විට එක්ලක්ෂ හැටදහස ඉක්මවූ මනාප සංඛාවක් තුලින් IMDB දර්ශකයේ 7.8 ක් වැනි ඉහළම අගයක් කරා පැමිණීමට මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.
ඒ වගේම, මේ මොහොත වන විට ඇමරිකානු ඩොලර් මිලියන 696.4 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවන්න සමත්වෙලා තියෙනවා..
ඒ වගේම, චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ, Stephen King මහත්මයාගේ සුප්‍රසිද්ධ IT නම් නව කතාව. සාම්ප්‍රදායික Horror චිත්‍රපට කලාවේ සීමා බැමි සුනු විසුනු කරමින්, මෙතෙක් කාලයක් පුරාවට ඒකාකාරී රටාවකට යමින් තිබුණු Horror චිත්‍රපට ක්ෂේත්‍රය, නැවුම් වූ මාවතක් කරා යොමුවීමක් මෙම චිත්‍රපටය තුලින් සිදුවෙලා තියෙනවා. කොටින්ම කියනවා නම්, සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම උඩි යටිකුරු වීමක් සිද්ධවෙනවා. ඒ නිසා වගකීමෙන් කියනවා, මේ තියෙන්නේ ඔයාලා කලින් දැකලා පුරුදු සාම්ප්‍රදායික හොල්මන් චිත්‍රපටයක් නෙමෙයි. මෙච්චර කාලයක් තිස්සේ පුටුව උඩ අලසව වාඩිවෙලා නරඹපු හොල්මන් චිත්‍රපට වෙනුවට, බොහොම කුතුහලයෙන් පුටුව උඩ නැගලා බලන්න පුළුවන් විදියේ සුවිශේෂී නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.
චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ස්ටීෆන් කිංගේ ඩෙරී නම් මනඃකල්පිත නගරය වටා. [ වර්ෂය 1989 ]බිලී ඩෙන්බ්‍රෝ කියන්නෙ මේ නගරයේ ජීවත්වෙන දරුවෙක්, එයාට ඉන්නවා හුරතල් බාල සහෝදරයෙක් නමින් ජෝර්ජි ඩෙන්බ්‍රෝ. වැහිබර අඳුරු දිනයක සෙල්ලම් කිරීම සඳහා නිවසෙන් පිටවන ජෝර්ජි නැවත නිවෙසට පැමිණෙන්නට තරම් වාසනාවන්ත වෙන්නේ නෑ , වසර ගණනාවකට වරක් ඩෙරී නගරයට පැමිණෙන අද්භූත අවාසනාවක ගොදුරක් වෙන්න පුංචි ජෝර්ජිට සිද්ධ වෙනවා. නමුත් මේ අවාසනාවේ එකම ගොදුර ජෝර්ජි පමණක්ම නෙමෙයි නගරයේ තවත් දරුවන් රැසක් මෙහි ගොදුරු බවට පත්වෙනවා. ලොකුම ප්‍රශ්ණෙ මේ කිසිකෙනෙක්ගෙ හෝඩුවාවක්වත් හොයාගන්න නැතිවීම. ජෝර්ජිගෙ අයියා බිලීගෙ යාළුවො තමයි රිචී ටොසියර්, එඩී සහ ස්ටැන්ලි , කොටින්ම කිව්වොත් මේ කට්ටිය අඹ යාළුවො. ජෝර්ජිගේ අතුරුදන්වීම බිලීගේ හිතට හරිම කණගාටුවක්. ඔහු පුළුවන් තරම් උත්සාහ කරනවා තම සහෝදරයව හොයාගන්න. අන්තිමේ යාළුවො ටිකත් එකතු වෙනවා මේ අභිරහසේ සුලමුල හොයන්න බිලීට උදවු වෙන්න. මේ අද්භූත බලවේගයත් බොහොම බලවත් එකක් … එහෙනම් නරඹලම බලන්න බිලී ඇතුළු කණ්ඩායමට මේ අවාසනාවට අවාසනාව උදාකරන්න පුළුවන් වෙයිද කියල.
#ArunA
720p torrent download link here (990MB)
1080p torrent download link here (2.05GB)
Direct download link here (890MB)
සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න
4 comments:
Ela
Ft Mco
nice work team
good luck bro
Post a Comment