Wednesday, December 20, 2017

Security (2017) මාරාන්තික කල්ලියකට එරෙහිව….

ඔන්න මන් ඔයාලට තවත් සුපරිම ගින්දර වගේ වැඩ ටිකක් තියෙන චිත්‍රපටයක් ගෙනාව.ඒ තමයි මේ Security (2017) කියන චිත්‍රපටය.මේ අවුරුද්දේ ආපු සුපිරි චිත්‍රපටයක් තමා මේක.මේක අන්තර්ජාලයට නිකුත් කරලා තියෙන්නේ මිට මාස හයකට කලිනුයි.මේකට IMB දර්ශකයේ 5.8 අගයක් තමා මේකට හිමිවෙලා තියෙන්නේ

එහෙමනම් අපි කතාවට යමුකෝ..,මුලදීම මැර කල්ලියක් ඇවිල්ලා FBI එකේ වාහන කිහිපයක් ඉවර කරලා එතන ඉන්න එෆ්.බි.අයි එකේ හැම නිලධාරියෙක්ම වලපල්ලට යවනවා.එක සැරේම එතන ඉදලා කුඩා කෙල්ලෙක් එතැනින් පැන ගන්නවා.ඔවුන් පන්නන්නේත් ඒ කුඩා කෙල්ල පස්සේ.මොකද කිව්වොත් ඒ කෙල්ල මිනිස් ඝාතනයක ඇසින් දුටු සක්ෂිකාරියක් නිසා...ඇය එතනින් පැනගෙන සාප්පු සංකීර්ණයයකට යනවා.ඒ මුළු සංකිර්ණයේම ආරක්ෂාවට ඉන්නේ ආරක්ෂකයන් පස්දෙනෙක් විතරයි.ඒ අයගෙන් එක්කෙනෙක් තමයි මේ කතාවේ වැඩකාරයා වෙන්නේ.ඔහු මේ කුඩා කෙල්ලව අර මාරාන්තික කල්ලියේ එවුන්ගේන් බේරගන්න එක තමා මේ කතාව පුරාවට වෙන්නේ…..

ඔයාලම මේ සුපිරි කතාව අරන් බලන්නකෝ...එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු මං නැවතුනා  (Tharanga Adikari)





No comments: