Action, Adventure, Comedy කියන කාණ්ඩ නියෝජනය කරමින් 2017 සැප්තැම්බර් මාසයේ 22 දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් නිර්මාණය කරගෙන මේ වෙද්දී ඇමරිකානු ඩොලර් 394 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම IMDb දර්ශකය තුල 7.2/10 අගයක් පලබාගන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා. මුල් චිත්‍රපටය නිකුත් වීමෙන් පසුව අවුරුදු තුනකට පස්සේ එළිදැක්වුණ නිසාවෙන් මං Rotten Tomatoes
වගේ දර්ශක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද එක් හේතුවක් තමයි පරණ චිත්‍රපට
වලට සලකන විදිහට නෙවෙයි ඒ අඩවිය තුලින් අලුත් චිත්‍රපට වලට සලකන්නේ. පැය 2
කුත් විනාඩි 21 පුරාවටම ධාවනය බවට සටහන් වීමක් වෙනවා. Matthew Vaughn තමයි මෙදාපාරත් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙත්. ඔය කලින් සදහන් කරපු චිත්‍රපට බිහිවෙන්න පවා දායක වුනු Matthew Vaughn, Matthew Vaughn
දෙන්නා තමයි තමයි මේ සලරුවේ තිරපිටපත් වල වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒවගේම
තමයි මේ චිත්‍රපට දෙකම පදනම් වුනේ 2012 – 2013 කාලයේ නිකුත් වුන “The Secret Service” කියන කොමික් චිත්‍රකතා ඇසුරින්. මුල් චිත්‍රපටය තුලදී අපිට මුණගැහුණු මුහුණු අය වෙච්චි Taron Egerton, Edward Holcroft, Mark Strong, Hanna Alström වගේ අලුත් චරිත එකතු කරලත් තියෙනවා.
මුල් චිත්‍රපටය අවාසනයේ චාර්ලියි එග්සියි අතර
සිද්දවුන සටන අවසානයේදී සිදුවුණ අනතුරින් චාර්ලිට කතා කරන්න බැරිව ගිහින්
වගේම එයාට එයාගේ අතක් පවා නැති වෙලා තියෙනවා. පස්සේ රොබෝ අතක් නම් දාගෙන.
කතා කරන්නත් පුලුවන් හැකියාවත් නැවත ලැබිලා. හදිසියේම එයා අතරමගදී එග්සිට
කඩා වදිනවා. එතනදී එයාගෙන් ගැලවිලා යන්න අවස්ථාවක් ලැබුණු නිසා එග්සි
හිතන්නේ හැමදේම ඉවරයි කියලා. ඒත් එග්සිගේ නොසැලිකිලිමත් කම නිසාවෙන්
කිංග්ස්මන්ලා අනතුරට ලක් වෙලා එයාලගේ මුලස්ඨානයට වගේම හැම කිංග්ස්මන්
කෙනෙකුගේම නිවාස වලට ප්‍රහාර එල්ල වෙලා අපි හුගක් ආදරය කරපු චරිත මේ
චිත්‍රපටයෙන් මුලදීම සමු ගන්න පටන් ගැම්මක් වෙනවා. එග්සිගේ වාසනාවට එයාගේ
ගෙදර විනාශ වෙද්දී එයා නම් ගෙදර හිටියේ නැහැ. එයා හිටියේ එයාගේ පෙම්වතිය
ටීල්ඩිගේ දෙමව්පියන්ව මුණගැහෙන්න රෑ කෑමකට එයාලගේ මන්දිරයට ගිහිල්ලයි.
හැමදේම නැති වුනු එග්සිටයි මර්ලින්ටයි තමන්ගේ මිත්‍ර පාර්ශවයක් හොයාගෙන
එක්සත් ජනපදයට යන්න චෙනවා. මෙතනදී තමන්ගේ අනන්‍යතාවය මේ අයට පැහැදිලි කරන්න
ගිහින් සෑහෙන්න ලොකු දුෂ්කරතා වලට මුහුණ දෙන්නත් සිද්දවෙනවා.එතකොට තමයි
දැනගන්න වෙන්නේ මේ අයගේ ලොකුම සතුරා වෙච්චි “ගෝල්ඩන් සර්කල්” නොහොත් රන්
කවය ලොකු විනාශකාරී වැඩ වගයක් කරගෙන යනවා කියලා.හරි එහෙනං විස්තර කරානේ ඉතුරු ටිකක බලලම රසවිදින්න.

No comments:
Post a Comment