Friday, February 9, 2018

Maze Runner: The Death Cure (2018)තෝමස් ඇතුළු පිරිස අවසානයක් කරා...

ඔන්න ඔයාලා කලින් ඉදලම බලන් හිටපු චිත්‍රපටයක් ගෙනාවා ඒ තමා  James Dashner  විසින් රචනා කරපු The Maze Runner  පොත් මාලාවේ තෙවැන්න The Death Cure  යන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.මේ චිත්‍රපටය 26 Feb 2018 තමා අන්තර්ජාලයට නිකුත් වෙන්නේ. පළමු,දෙවන චිත්‍රපටයේ මෙන්ම Dylan O’Brien(තෝමස්), Ki Hong Lee(මින්හෝ), Kaya Scodelario(තෙරේසා) යන නළු නිලියන් මෙම කතාවේ ඇතුලත් වෙනවා.

මේකේ පළමු චිත්‍රපටයේ (The Maze Runner 2014) වෙන්නේ....., කිසිම මතකයක් නැතුව වංකගිරියට ආපු තෝමස් අලුත් යාලුවොත් එක්ක එකතු වෙලා නිතරම වෙනස්වෙන වංකගිරිය තුළට ගිහින් ඒක වෙනස්වෙන රටාව හොයාගෙන ඒ වංකගිරියේ කාලයක් තිස්සේ හිර වෙලා හිටිය යාලුවොත් එක්ක මේකෙන් බේරිලා එලියට යනවා.............. පස්සේ තමා දෙවන චිත්‍රපටය (Maze Runner: The Scorch Trials 2015) පටන් ගන්නේ.මේකේ වෙන්නේ සූර්යයා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයක විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාව ගැන තමා මේ කතාවේ වෙන්නේ ඒ වගේම මේකේ අන්තිමේදී මින්හෝව WCKD ඉන්න එකී අරන් යනවා........

ඊළගට තමා මේ කතා මාලාවේ අවසානය වන (Maze Runner:The Death Cure 2018) චිත්‍රපටය නිකුත් උනේ....මේකෙදි වෙන්නේ තම යාලුවා වන මින්හෝ බේරගන්න හා WCKD එකෙන් ගැලවෙන්න ඕනේ කියලා.තෝමස් ඇතුළු කණ්ඩායම WCKD එක විනාශය කරන කතාව තමා මේකෙදි වෙන්නේ...මේකෙදි තෝමස්ගේ යාළුවන් කිහිප දෙනෙකුත් අවසානයේ මැරෙනවා.ඒක හින්දා අවසානය ටිකක් දුක හිතෙයි.....
එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ..මේ චිත්‍රපටයෙන් Maze Runner කතා මාලාවේ අවසානය සනිටුහන් වෙනවා… ඒ වගේම Maze Runner එක්ක Sinama World අපත් සමග රැදී සිටි සියල්ලන්ටම ස්තුතියි...(Tharanga Adikari)

No comments: