Saturday, January 6, 2018

The Machanic (2011) කෙනෙක් ප්‍රශ්න විසදිය යුතුය..

ඔන්න යාලුවනේ මන් අද ගෙනාවා  Jason Statham ගේ පළමු මැකෑනික් චිත්‍රපටය....මේක 2011 ජනවාරි වල තමා නිකුත්කරලා තියෙන්නේ.ඒ වගේම මේක IDMB ශේණියේ 6.5/10 අරගෙන තියෙනවා.වෙන්න බැරි බොහෝ දේ සිදුවෙන ආකාරය තාත්විකව පෙලගස්සවලා තියෙනවා මේ චිත්‍රපටයේ...

මන් කෙලින්ම මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්....,ආතර් බිෂොප් (Jason Statham)කියන්නේ කාර්මික ශිල්පියෙක්.නමුත් ඔහුගේ රැකියාව ඊට බොහෝ සෙයින් වෙනස්..ඔහු අති දක්ෂ,තීක්ෂණ බුද්ධියක් තියෙන අපක්ෂපාති කුලී ගාතකයෙක්...දැනට ඒ ක්ෂේත්‍රයේ දක්ෂයා මොහුය.මේ හැමදෙයක්ම වෙනස් වෙන්නේ ඔහුගේ සමීපතමයාව ඝාතනය කිරීමට ඔහුටම කොන්ත්‍රාත්තුවක් ලැබීමත් සමගය..මොහුව ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ පුතාගෙන්ම ඉල්ලිමක් එනවා ඔහුටත් ඒ ක්ෂේත්‍රයේ පිළිබද පුහුණු කරන ලෙසට.බිෂොප්ට එය නොසලකා දාන්න බැරි නිසා ඔහු කැමති වී ඔහුට ඒ ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ලබා දෙනවා...ඊට පස්සේ ඔහුගේ පියාව මැරුවේ බිෂොප් කියලා දැනගනිවිද? ඒ වගේම ඉතිරියට මොනවා වෙයිද? ...ඔයාලම ඒ ටික අරගෙනම බලන්නකෝ සිංහල උපසිරස එක්කම.....

එහෙනම් තවත් ෆිල්ම් එකකින් මුණගැහෙමු හැමෝටම සුභ දවසක්..මං ගිහින් එන්නම්....(Tharanga Adikari)




No comments: