Friday, December 1, 2017

War for the Planet of the Apes(2017)වානර මිනිස් ගැටුම

War for the Planet of the Apes වන මෙම චිත්‍රපටය කවුරුත් දන්න ආසාවෙන් බලපු Planet of the Apes චිත්‍රපට මාලාවෙම අලුත්ම චිත්‍රපටයක්. එය පැරණි චිත්‍රපට මාලාවක් කියලා ගොඩක් අය දන්නවා. මොකද අපි හැමෝගෙම ළමා කාලය රසවත් කරපු සුපිරිම චිත්‍රපට මාලාවක් වන නිසා. අල කරගන්නේ නැතුව දිගටම යන හොඳම චිත්‍රපට මලාව මෙය කීවොත් වැරදි නැහැ. IMDB දර්ශකය 7.8 කට කරකවන්න මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒවගේම ප්‍රති නිර්මාණයට ලක් වූ මෙම චිත්‍රපට පෙලේ තුන් වෙනි චිත පටය තමයි මෙම චිත්‍රපටය. Rise of the Planet of the Apes 2011 වර්ෂයේදිත් Dawn of the Planet of the Apes 2014 වර්ෂයේදිත් නිකුත් වුණා. වසර තුනෙන් තුනට තමයි මෙහි චිත්‍රපට නිකුත් වුණේ. ඒක නිසා රසවින්දනය හොඳට ලබාගන්න නොබලපු අයත් බලලා ගොඩක් කල් නිසා ඒ චිත්‍රපට අමතක වෙලා ඉන්න අයත් ඒ දෙක ආපහු බැලුවොත් හොඳයි කියලයි මම හිතන්නේ. එහෙනං සීසර් කෝබාව මරපු තැන ඉඳන් ඉදිරියට ගලා යන මෙම චිත්‍රපටය නරඹන්න..

පවුලක් තියන හැමෝගෙම වැදගත්ම දෙය තමයි තමන්ගේ පවුල. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, දුව, පුතා වගේ නොයෙක් ආකාරයට පවුලේ සාමාජිකයින් එක එක්කෙනාට ඉන්නවා. තමන්ගේ පවුල වෙනුවෙන් කෙනෙක නොකරන දෙයක් නෑ. ඒත් පවුලක් තියෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එහෙමයි. එයාලත් අපි වගේම තමයි. එයාලටත් අපිට වගේ හැඟිම් තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය පවුල වටා ගෙතෙන පළිගැනීමක්. රංචුවක නායකත්වය දැරීම වගකීම් පිරි සීසර් නැමති වානරයා වටේ තමයි ගෙතෙන්නේ.




 1080P 2.2GB BRRIP Torrent File

 720P 1.1GB BRRIP Torrent File


Direct Download 1.2GB මෙතැනින්
 
 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





No comments: