Wednesday, December 20, 2017

S.W.A.T.:Under Siege (2017) S.W.A.T. මෙහෙයුම

මෙන්න තවත් සුපිරි  Action වලට අයිති චිත්‍රපටයක් මන් ගෙනවා.මේක 1 August 2017 වෙනිදා තමා අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන්නේ.Tony Giglio විසින් තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඒ වගේම මෙහි පිටපත ලියලා තියෙන්නේ Jonas Barnes හා Keith Domingue විසින්.Adrianne Palicki, Sam Jaeger, Michael Jai White, Kyra Zagorsky, Ty Olsson, Olivia Cheng, Zahf Paroo කියන නළු නිළියන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනෙවා.

මේ චිත්‍රපටයේ කතාවට ගියොත්, මාස හයක් තිස්සේ වහලා දාල තිබුන මොන්ෆෙල් නාවික මධ්‍යස්ථානය මැර කල්ලියේ තිප්පොලක් බවට පත් වෙලයි තියෙන්නේ.එක දවසක් පොලිස්  S.W.A.T.බලකායේ නිලධාරීන්ට පණිවිඩයක් ලැබෙනවා මේ තොටුපලපලට කන්ටේනරයක් ලගා උනා කියලා.මෙයාලා හිතන්නේ මේ මැර කල්ලියේ අයගේ හොර බඩු තොගයක් කියලා.ඊට පස්සේ තමා මේ නිලධාරීන් මේක පරික්ෂා කරන්න යන්නේ.මොවුන් ඒ නාවික මධ්‍යස්ථානයට ගිහින් ඒ කන්ටේනරය හොයාගෙන එක ඇරලා බලද්දී එකේ හොර බඩු වෙනුවට තියෙන්නේ වද හිංසා වලට ලක්වුනු මිනිහෙක්ව.ඊට පස්සේ මෙම නිලදාරීන් මොහුව ඔවුන්ගේ මුලස්ථානයට අරගෙන අවහම තමා දැනගන්නේ මේ සාමාන්‍ය මිනිහෙක් නෙවේ කියලා.ඊට පස්සේ තමා ඉතා බලවත් මැර කල්ලියක් මොවුන්ව මරන්න එන්නේ.....

එතනින් එහාට කතාව කිව්වොත් කතාව වැඩක් නැති වෙනවා..ඒක හින්දම ඔයාලම අරන් බලන්නකෝ...තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන මං එන්නම්...එහෙනම් හැමෝටම සුභ දවසක්. මං Tharanga Adikari





No comments: