චිත්‍රපටියේ නම දෘවාඩ ජගන්නාදම්. ඉතින් තෙලුගු සිනමාවේ අපි කවුරුත් දන්න අල්ලු අර්ජුන්ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය එනකන් හැමෝම බලන් හිටියේ නොයිවසිල්ලෙන්. ඉතින් අල්ලු අර්ජුන් එක්ක පූජා හේග් තමයි මේකේ ප්‍රධාන චරිත ලස්සන කරන්නේ. පූජා ගැන නම් වැඩිය අහලා නෑ තමයි. ඒත් ඔයාලට මතක ඇතිම් මොහෙන්ජො ධාරෝ චිත්‍රපටියේ හිටපු ලස්සනම ලස්සන කුමාරිකාව. අන්න එයා තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නිලිය වන්නේ.
කතාව ගැන
කිව්වොත් අල්ලු අර්ජුන් මේකෙ කරන්නේ ද්විත්ව චරිතයක්. එකක් තමයි දෘවාඩ
ජගන්නාදම් කියන බ්‍රාහ්මන පූජකයෙක්ගේ චරිතය, අනික තමයි DJ කියන කවුරුත්
දන්නෙ නැති කවුරුවත් දැකලා නැති අසාධාරන වැඩ කරන අයට දඬුවම් දෙන චරිතය.
ඉතින් කතාව පුරාවට දිවයන්නේ මෙයාගෙ මේ දෙපිටකාට්ටු වැඩ ගැන තමයි. හ්ම්ම්…
එක්කො ඔයාලම බලන්නකෝ මං කතාවම කිව්වොත් වැඩක් නෑනෙ.
No comments:
Post a Comment