
වෛද්‍ය ස්ටීෆන් ස්ට්‍රේන්ජ්,ස්නායුශල්‍යවෛද්‍යවරයෙක් වගේම ඒ අංශයේ ඉන්න දක්ෂතම වෛද්‍යවරයා කිව්වත් වැරැද්දක් නෑ.කොච්චර දක්ෂ වුණත් ස්ටීෆන් කියන්නෙ ආත්මාර්ථකාමී, අහංකාර හැමවෙලේම ප්‍රසිද්ධිය හඹාගෙන යන කෙනෙක්.ඒ වගේම අන් අයව හෙලා දැකල කතා කරන්නත් දක්ෂයෙක්.ශල්‍යකර්මයක් කරන්නෙත් තමන්ට ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවනම් විතරයි.ඉතිං මේ අති දක්ෂ වෛද්‍යවරයගෙ ජීවිතය උඩුයටිකුරු වෙනව ඔහුට සිදුවන භයානක අනතුරක් නිසා. මේ අනතුරින් ඔහුගේ ස්නායුවලට බරපතල හානි සිද්ධ වෙනවා.තමන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුවයක් අත් නොවෙන තැන ඔහුට දැනගන්න ලැබෙනවා නේපාලයේ තියන හාස්කම් පිරි පෙරදිග සිද්ධස්ථානයක් ගැන. ඒවා ගැන විශ්වාසයක් නැතත් බටහිර ප්‍රතිකාරවලට වියදම් කරල කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ස්ටීෆන් අන්තිමේ තීරණය කරනවා එතනට යන්න.එය මේ ලෝකයේම තිබෙන හාස්කම්, මායාවන් පිරුණ තවත් සමාන්තර ලෝක සමග ගණුදෙනු කෙරෙන සිද්ධස්ථානයක්.(එයත් ඒ වනවිට ඔවුන්ගේ හිටපු සාමාජිකයෙක්ගෙ සොරකමක් නිසා තර්ජණයට ලක්වෙලා තියෙන්නෙ) ඒ සිද්ධස්ථානයේ ප්‍රධානියා පැරැන්නා ලෙස හැඳින්වෙන ගුප්ත විද්‍යාවන්ගේ හසල දැනුමක් කාන්තාවක්.ස්ටීෆන්ගේ අහංකාර ගති පැවතුම් නිසා ඇය ඔහුට උදවුකිරීම ප්‍රතික්ෂේප කලත් අර පෙරකී තර්ජණය හේතුවෙන් ඇයට සිද්ධ වෙනව ස්ටීෆන්ට උදවු කරන්න.ඔය ඇති නේද?එහෙනම්නරඹලම බලන්න ස්ටීෆන් තමන්ගෙ අහංකාරකම් අත්ඇරගනීද? පැරැන්නා ඔහුට උදවු කරයිද? ඇය ස්ටීෆන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවද ?සිද්ධස්ථානයට ඇති තර්ජණය මොකද්ද? කියන ප්‍රශ්ණ සේරටම උත්තර ලැබේවි ඒත් එක්කම අපි තව ආදරය කරන මාවල් චරිතයකුත් ඉන්නවා අවසානයේ. චිත්‍රපටය අවසාන වෙනකම්ම බලන්න මේකෙ දෙවතාවක් විතර අපිට අඟවනව චිත්‍රපටය අවසන් කියල නමුත් එහෙම නෑ, ඒ හින්ද අවසන් වෙනකම්ම බලන්න.තව දවසක හමුවෙමු මම කලන.බුදු සරනයි.
720p download torrent
1080p download torrent
Direct download Mp4
සිංහල උපසිරුසි මෙතනින් ලබගත හැකිය.
No comments:
Post a Comment